කළයුතු දේ.

මෙම මහඟු මෙහෙවරට ඔබටත් උදව් කල හැකිය. ඒ සඳහා ඔබ කලයුත්තේ තනිව හෝ පිරිසක් වසයෙන් එකතුව පහත සදහන් අවශ්‍යතාවයන් වෙනුවෙන් පිංවත් අමිලසිරි හිමියන්ගේ අනුසාසනා පරිදි ඒවාට දායක වීමයී

අංක 1.
පනස් නමකට ආසන්න භික්ෂුන් වහන්සේලා උදේසා (මෙයින් 38 නමක්ම ගිලන් භික්ෂුන් වහන්සේලායි) දානය පිණිස අවැසි වියලි ආහාර ද්‍රව්‍ය පුණ්‍යායතනයට ලැබෙන්නට සැලැස්වීම හෝ ඒ සදහා මුදලින් ආදාර සැපයීම. එය ඔබ විසින් කල යුත්තේ පිංවත් අමිලසිරියන්ව දුරකතන මාර්ගයෙන් ‍හෝ ‍එම ස්ථාන‍යට ‍ගොස් මුණ ගැසී හෝ කතා බස් කොට උන්වහන්සේගේ අනුසාසනා පරිදිය.

අංක 2.
ගිලන් භික්ෂුන් වහන්සේලා එලිමහනට වඩමවා අව්ව, සුළඟ හා සොබා දහමට සමීප කරමින් ඒකාකාරී බවින් යම් මොහොතකට හෝ උන්වහන්සේලා ‍මුදවා ගැනීම පිනිස එලියට වඩම්මවා ගැනීම පිණිස අවශ්‍ය කරන පහසුකම් සහිත රෝද පුටු කීපයක් පුජා කිරීම. මෙයද පුජණීය අමිලසිරි හිමියන්ගේ අවවාද අනුසාසනා පරිදිම සිදු කරන්න.

අංක 3.
ඇවිද යාමට අසීරු දැඩි ගිලන් බවින් හෝ වයෝවෘද්ධ බවින් පෙලෙන භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් අවශ්‍ය කරන කොමොඩ් වීල් චෙයා නාමයෙන් හදුන්වනු ලබන රොද පුටු කීපයක් පුජා කිරීම.